සූරා 36 · ජුස් 22
Ya-Sin · 36:8
إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُمْ مُقْمَحُونَ
නියත වශයෙන්ම අපි ඔවුන්ගේ ගෙල වලට විලංගු ඇති කළෙමු. එවිට එය උගුරු දණ්ඩ දක්වා පවතී. එහෙයින් ඔවුහු හිස (නැමිය නොහැකිව) ඔසවා ගෙන සිටින්නන් වෙති.
තෆ්සීර්
එම විෂයයෙහි ඔවුනට උපමාව වනුයේ ඔවුන්ගේ ගෙලවල් වටා මාංචු දමා ඔවුන්ගේ අත් ඔවුන්ගේ ගෙලවල් සමග ඔවුන්ගේ නිකටට එකතු කරමින් එයට පහළින් බැඳ තබනු ලැබූවන් මෙනි. එවිට ඔවුන්ගේ හිස් අහස දෙසට එස වී තිබේ. ඒවා පහත් කිරීමට ඔවුනට නොහැකි වෙයි. මොවුහු අල්ලාහ්ව විශ්වාස කිරීම පහත් කොට සැලකුවෝය. එබැවින් ඔවුහු ඔහුට යටත් නොවූ අතර ඔහු වෙනුවෙන් ඔවුන්ගේ හිස් පහත් නොකරති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න