සූරා 36 · ජුස් 22

Ya-Sin · 36:9

وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ

තවද අපි ඔවුන් ඉදිරියෙන් බාධකයක් ද ඔවුනට පසුපසින් බාධකයක් ද ඇති කළෙමු. එවිට අපි ඔවුන් ආවරණය කළෙමු. එහෙයින් ඔවුනට බැලිය නොහැකිය.

තෆ්සීර්

සත්යයෙන් දුරස් කරන බාධකයක් ඔවුනට ඉදිරියෙන් විය. එමෙන්ම ඔවුනට පසුපසින් ද බාධකයක් විය. ඔවුන්ගේ දෘෂ්ටීන් සත්යයෙන් අපි වසන් කළෙමු. එමගින් ඔවුන් ප්රයෝජනය ලැබිය හැකි දැක්මකින් නොබලනු ඇත. ඔවුන්ගේ මුරණ්ඩුකම හෙළිවීමෙන් හා ඔවුන් දේව ප්රතික්ෂේපය මත ම නොකඩවා රැඳී සිටීමෙන් පසු ව ඔවුනට එය අත් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න