සූරා 36 · ජුස් 22

Ya-Sin · 36:7

لَقَدْ حَقَّ الْقَوْلُ عَلَىٰ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ

ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මත (දඬුවමේ) ප්‍රකාශය සැබැවින්ම නියම විය. එහෙයින් ඔවුහු විශ්වාස නොකරති.

තෆ්සීර්

අල්ලාහ් වෙතින් වූ සත්යය ඔහුගේ දූතයාගේ දිවෙන් ඔවුනට දන්වා ඔවුන් එය විශ්වාස නොකොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම රැඳී සිටීමෙන් පසු ව ඔවුන්ගෙන් බහුතරයක් දෙනාහට අල්ලාහ්ගෙන් වූ දඬුවම අනිවාර්යය විය. ඔවුහු අල්ලාහ් හෝ ඔහුගේ දූතයාණන්ව හෝ විශ්වාස නොකරති. ඔවුන් වෙත ගෙන ආ සත්ය ය අනුව ඔවුහු කටයුතු නොකරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න