සූරා 36 · ජුස් 22
Ya-Sin · 36:6
لِتُنْذِرَ قَوْمًا مَا أُنْذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ
ඔවුන්ගේ මුතුන් මිත්තන් අවවාද කරනු නොලැබූ පිරිසකට ඔබ අවවාද කරනු පිණිසය. එහෙයින් ඔවුහු අනවධානීහු වූහ.
තෆ්සීර්
සැබැවින්ම අපි එය නුඹ වෙත පහළ කළේ පිරිසකට බිය වද්දා ඔවුනට අවවාද කරනු පිණිසය. ඔවුන් වනාහි ඔවුන් වෙත අවවාද කරන දූතයකු නොපැමිණි අරාබි ජාතිකයින් වූහ. ඔවුන් දේව විශ්වාසය හා දේව ඒකීයත්වය පිළිබඳ හාස්යට ලක් කරමින් අනවධානීව සිටියෝය. ඒ ගැන අවවාද කිරීම අත්හිටුවන ලද සෑම සමූහයකම කරුණ එලෙස විය. ඒ ගැන සිහිපත් කර දෙන දූතවරුන්ගේ අවශ්යතාව ඇති විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න