සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:49
مَا يَنْظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ
ඔවුන් තර්ක කරමින් සිටිය දී ඔවුන් හසු කර ගන්නා එකම හඬක් මිස ඔවුහු බලාපොරොත්තු නොවෙති.
තෆ්සීර්
නැවත නැගිටුවනු ලැබීම බොරු කරන, එය දුරින් ඇත්තක් යැයි සිතන මොවුන්, හොරණෑවෙහි පළමු පිඹීම පිඹිනු ලැබීම මිස වෙනකක් බලාපොරොත්තු නොවෙති. ඔවුන් මෙලොවෙහි ගනු දෙනු කිරීම, ජලය සැපයුම මෙහෙයවීම හා වෙනත් ලෞකික කටයුතුවල කාර්යය බහුල ව සිටිය දී එම හඬ ඔවුන් වෙළා ගනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න