සූරා 33 · ජුස් 21
Al-Ahzab · 33:8
لِيَسْأَلَ الصَّادِقِينَ عَنْ صِدْقِهِمْ ۚ وَأَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا أَلِيمًا
සත්යවාදීන්ගෙන් ඔවුන්ගේ සත්යතාව පිළිබඳ ඔහු විමසනු පිණිසය. තවද දේව ප්රතික්ෂේපකයින්හට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කොට ඇත.
තෆ්සීර්
මෙම ස්ථාවර ප්රතිඥා ව නබිවරුන්ගෙන් අල්ලාහ් ගෙන ඇත්තේ දේව ප්රතික්ෂේපකයින් හෙළා දකින පරිදි ඔවුන්ගේ සත්යයතාව ගැන දූතවරුන් අතරින් සත්යාවදීන්ගෙන් ප්රශ්න කරනු පිණිසය. අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කළවුන්ට, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවමක් අල්ලාහ් සූදානම් කර ඇත්තේය. එය අපා ගින්නය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න