සූරා 33 · ජුස් 21
Al-Ahzab · 33:7
وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنْكَ وَمِنْ نُوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَى ابْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُمْ مِيثَاقًا غَلِيظًا
නබිවරුන් අතුරින් ඔබගෙන් ද නූහ්, ඉබ්රාහීම්, මූසා හා මර්යම්ගේ පුත් ඊසාගෙන් ද ඔවුන්ගේ ප්රතිඥාව ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් අතුරින් දැඩි ප්රතිඥාවක් අපි ගත්තෙමු.
තෆ්සීර්
අල්ලාහ්ට පමණක් නමදින ලෙස ද, ඔහුට කිසිවක් ආදේශ නොකරන ලෙස ද ඔවුන් වෙත කවර දේව පණිවිඩයක් පහළ කරනු ලැබුවේ ද එය ප්රචාරය කරන ලෙස ද, අපි නබිවරුන්ගෙන් ස්ථාවර ගිවිසුමක් ගත් සැටි නබි තුමණි! මෙනෙහි කරනු. විශේෂයෙන්ම නුඹගෙන් ද නූහ් ඉබ්රාහීම් මූසා මර්යම්ගේ පුත් ඊසාගෙන් ද එවැනි අයුරින්ම ප්රතිඥාවක් ගත් සැටිත් මෙනෙහි කරනු. තවද ඔවුනට විශ්වාසයෙන් පවරන ලද අල්ලාහ්ගේ දූත පණිවිඩ ප්රචාරය කිරීම සම්පූර්ණ කරන මෙන් ස්ථාවර ප්රතිඥාවක් අපි ඔවුන්ගෙන් ගත්තෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න