සූරා 33 · ජුස් 21

Al-Ahzab · 33:9

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَاءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا وَجُنُودًا لَمْ تَرَوْهَا ۚ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا

අහෝ විශ්වාස කළවුනි! නුඹලා වෙත සේනාවන් පැමිණි විට ඔවුනට එරෙහි ව සැඩ සුළඟක් හා නුඹලා නොදුටු සේනාවන් ඔවුන් වෙත එවමින් අල්ලාහ් කළ ආශිර්වාදය මෙනෙහි කර බලනු. නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අධීක්ෂක විය.

තෆ්සීර්

අල්ලාහ්ව විශ්වාස කොට ඔහු දහම්ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා වෙත අල්ලාහ් ආශිර්වාද කළ ආශිර්වාද ගැන මෙනෙහි කර බලනු. නුඹලා සමග සටන් කිරීම සඳහා දේව ප්රතික්ෂේපකයින්ගේ සේනාවන් මදීනා වෙත පැමිණි විට කුහකයින් හා යුදෙව්වන් ඔවුන් සමග එකතු වූ අවස්ථාවේ ඔවුන් වෙත අපි සුළඟක් එව්වෙමු. එය දැඩි සුළඟක් විය. එමගින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ජය හිමි විය. එමෙන්ම නුඹලා නොදුටු මලක්වරුන්ගෙන් සේනාවක් ද අපි එව්වෙමු. දේව ප්රතික්ෂේපකයෝ කිසිවක් කර කියාගත නොහැකිව පලා ගියෝයා. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂක ය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න