සූරා 33 · ජුස් 22
Al-Ahzab · 33:39
الَّذِينَ يُبَلِّغُونَ رِسَالَاتِ اللَّهِ وَيَخْشَوْنَهُ وَلَا يَخْشَوْنَ أَحَدًا إِلَّا اللَّهَ ۗ وَكَفَىٰ بِاللَّهِ حَسِيبًا
ඔවුහු වනාහි අල්ලාහ්ගේ පණිවිඩ දන්වා සිටින්නන් වෙති. තවද ඔහුට බිය වෙති. අල්ලාහ් හැර වෙනත් කිසිවකුට බිය නොවෙති. ගණන් බැලීමෙන් අල්ලාහ් ප්රමාණවත් විය.
තෆ්සීර්
මෙම නබිවරුන් වනාහි, ඔවුහු තමන් වෙත පහළ කරනු ලැබූ දිව්ය පණිවිඩ තම සමූහයා වෙත දන්වා සිටිති. උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ්ට පමණක් හැර වෙනත් කිසිවෙකුට බිය නොවෙති. අල්ලාහ් ඔහුට අනුමත කළ දෑ ක්රියා කරන අවස්ථාවේ වෙනත් අය විසින් කරන ප්රකාශ වෙත හැරී නොයති. තම ගැත්තන්ගේ ක්රියාවන් ගැන ඔවුන්ගෙන් විනිශ්චය කිරීමටත් ඒ සඳහා ඔවුනට ප්රතිඵල පිරිනමන්නටත් එම ක්රියාවන් ආරක්ෂා කරන්නෙකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. යහපත් නම් එය යහපතකි. අයහපත් නම් එය අයහපතකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න