සූරා 33 · ජුස් 22

Al-Ahzab · 33:38

مَا كَانَ عَلَى النَّبِيِّ مِنْ حَرَجٍ فِيمَا فَرَضَ اللَّهُ لَهُ ۖ سُنَّةَ اللَّهِ فِي الَّذِينَ خَلَوْا مِنْ قَبْلُ ۚ وَكَانَ أَمْرُ اللَّهِ قَدَرًا مَقْدُورًا

අල්ලාහ් ඔහුට නියම කළ දෑහි කිසිදු වරදක් නබිවරයාට නොවීය. (එය) මීට පෙර ඉකුත් ව ගියවුන් අතර වූ අල්ලාහ්ගේ පිළිවෙත වේ. තවද අල්ලාහ්ගේ නියෝගය නිර්ණයකින් නිර්ණය කරනු ලැබූවක් විය.

තෆ්සීර්

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දරුකමට හදාවඩාගත් පුතනුවන්ගේ බිරිය විවාහ කර ගැනීමට අල්ලාහ් අනුමත කළ විෂයයෙහි එතුමාට කිසිදු පාපයක් හෝ පීඩනයක් හෝ නොවීය. ඔහු අනුගමනය කර ඇත්තේ ඔහුට පෙර විසූ නබිවරුන්ගේ පිළිවෙතය. එම විෂයයෙහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දහම් දූතවරුන් අතුරින් නවකයෙකු නොවේ. අල්ලාහ් කවර කරුණක් වීවෘතව හා තීන්දු වශයෙන් (එනම්, මෙම විවාහය පූර්ණවත් කිරීම හා දරුකමට හදාගත් කරුණ අවලංගු කිරීම යනාදියයි. එහි දී නබි තුමාණන්ට කිසිදු අදහසක් හෝ කිසිදු තෝරා ගැනීමක් හෝ නැත.) ස්තීර ලෙස තීරණය කර ඇත්තේය. එයට විරුද්ධවන කිසිවක් නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න