සූරා 33 · ජුස් 22
Al-Ahzab · 33:37
وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَّهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللَّهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ وَاللَّهُ أَحَقُّ أَنْ تَخْشَاهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌ مِنْهَا وَطَرًا زَوَّجْنَاكَهَا لِكَيْ لَا يَكُونَ عَلَى الْمُؤْمِنِينَ حَرَجٌ فِي أَزْوَاجِ أَدْعِيَائِهِمْ إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا
තවද අල්ලාහ් ඔහුට ආශිර්වාද කළ එමෙන්ම ඔබ ද ඔහුට අනුග්රහය දැක්වූ අයට ‘ඔබ ඔබේ බිරිය තබා ගනු. තවද අල්ලාහ්ට බිය වනු’ යැයි ඔබ පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අල්ලාහ් හෙළි කිරීමට සිටී දෑ ඔබේ සිත තුළ ඔබ සඟවා ගන්නෙහිය. තවද ඔබ ජනයාට බියවන්නෙහිය. තවද ඔබ බියවීමට වඩාත් සුදුස්සා වනුයේ අල්ලාහ්ය. සෙයිද් ඇයගෙන් (දික්කසාද වීමේ) අවශ්යතාව සපුරා ගත කල්හි දෙවියන් විශ්වාස කරන්නන්හට ඔවුන් දරුකමට හදා ගත් අයගේ බිරියන් සම්බන්ධයෙන් (දික් කසාද වීමේ) අවශ්යතාව ඔවුන් සපුරා ගත් විට ඔවුන් (විවාහ කර ගැනීම) විෂයෙහි ඔවුනට වරදක් නොවනු පිණිස අපි ඇය ඔබට විවාහ කර දුන්නෙමු. තවද අල්ලාහ්ගේ නියෝගය සිදු කරනු ලබන්නක් විය.
තෆ්සීර්
අහෝ දූතය! අල්ලාහ් විසින් ඉස්ලාමයේ ආශිර්වාදය පිරිනමනු ලැබූ මෙන්ම ඔබ විසින් වහල් බවින් නිදහස පිරිනමනු ලැබූ අයට නුඹ කතා කළ අවස්ථාව මෙනෙහි කරනු. මින් අදහස් කරනු ලැබුවේ සෙයිද් ඉබ්නු හාරිසා (රළියල්ලාහු අන්හුමා) තුමාය. ඔහුගේ බිරිය සෙයිනබ් බින්ත් ජහ්ෂ් තුමිය ව දික්කසාද කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට හෙතෙම ඔබ වෙත පැමිණියේය. නුඹ ඔහුට, "ඔබේ බිරිය දික්කසාද නොකර රඳවා තබා ගන්න. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුතු කරන්න" යැයි පැවසුවෙහිය. එසේම සෙයිනබ් තුමිය ව විවාහ කර ගන්නා මෙන් අල්ලාහ් නුඹට දන්වා සිටි දිව්ය පණිවිඩය මිනිසුන්ට බියෙන් නුඹ තුළම සඟවාගෙන සිටියෙහුය. ඇය වෙනුවෙන් වූ සෙයිද්ගේ දික්කසාදය අල්ලාහ් හෙළි කරනු ඇත. පසුව ඇයව නුඹට විවාහ කර දෙනු ඇත. මෙම විෂයයෙහි බියවීමට වඩාත් සුදුස්සා වනුයේ අල්ලාහ්ය. සෙයිද්ගේ සිත තැන්පත් වී ඇය ගැන අදහස අතහැර, ඇය ව ඔහු දික්කසාද කළ කල්හි අපි ඇයව ඔබට විවාහ කර දුන්නෙමු. එය දරුකමට හදාවඩාගත් දරුවන් ඔවුන්ගේ බිරියන් දික්කසාද කොට ඔවුන්ගේ පොරොත්තු කාලය අවසන් වූ පසු ඔවුන් විවාහ කර ගැනීම දේව විශ්වාසීන්ට පාපයක් නොවනු පිණිසය. සැබැවින්ම අල්ලාහ්ගේ නියෝගය සිදු කරනු ලබන්නක් විය. ඉන් වළක්වන කිසිවෙක් නැත. ඔහුගෙන් තොර කිසිදු තිරයක් නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න