සූරා 33 · ජුස් 22

Al-Ahzab · 33:36

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُبِينًا

අල්ලාහ් හා ඔහුගේ දූතයාණෝ යම් කරුණක් තීන්දු කළ විට ඔවුන්ගේ කරුණ තම කැමැත්ත අනුව සිදුවීම විශ්වාසවන්තයෙකුට හෝ විශ්වාසවන්තියකට හෝ සුදුසු නොවීය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේ ද එවිට සැබැවින්ම ඔහු පැහැදිලි මුළාවකින් මුළා විය.

තෆ්සීර්

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් යම් කරුණක් ඔවුන් අතර තීන්දු කළ විට කිසිදු දේව විශ්වාසියෙකුට හෝ දේව විශ්වාසිනියකුට හෝ එය පිළිගැනීම එසේ නැතහොත් ප්රතික්ෂේප කිරීම (අතර) තෝරා ගැනීම සුදුසු නොවන්නේය. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේ ද සැබැවින්ම ඔහු ඍජු මාර්ගයෙන් පැහැදිලි ලෙස මුළාවට පත් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න