සූරා 33 · ජුස් 22
Al-Ahzab · 33:40
مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَٰكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ ۗ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا
මුහම්මද් නුඹලාගේ පිරිමින් අතුරින් කිසිවකුගේ පියෙකු නොවීය. නමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්රාවය. තවද සියලු දෑ පිළිබඳ ව අල්ලාහ් සර්වඥානී විය.
තෆ්සීර්
නුඹලාගේ පිරිමින් අතරින් කිසිවෙකුගේ පියකු ලෙස මුහම්මද් නොවීය. ඔහු සෙයිද්ගේ පියා නොවීය. සෙයිද් විවාහ කර ගත් බිරිය දික්කසාද කළ විට ඇයව විවාහ කර ගැනීම තහනම් වන තරමට ඔහු සෙයිද්ගේ පියා නොවීය. එනමුත් ඔහු මිනිස් වර්ගයා වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයෙකි. නබිවරුන්ගේ අවසානයාය. ඔහුගෙන් පසු ව වෙනත් කිසිදු නබිවරයෙකු නැත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥය. තම ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න