සූරා 33 · ජුස් 21

Al-Ahzab · 33:29

وَإِنْ كُنْتُنَّ تُرِدْنَ اللَّهَ وَرَسُولَهُ وَالدَّارَ الْآخِرَةَ فَإِنَّ اللَّهَ أَعَدَّ لِلْمُحْسِنَاتِ مِنْكُنَّ أَجْرًا عَظِيمًا

තවද නුඹලා අල්ලාහ්ව, ඔහුගේ දූතයාණන් හා මතු ලොව ප්‍රිය කරමින් සිටින්නෙහු නම් එවිට දැන ගනු නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා අතුරින් වූ දැහැමියන්ට මහත් වූ තිළිණ සූදානම් කොට ඇත.

තෆ්සීර්

"නුඹලා අල්ලාහ්ගේ තෘප්තිය හා ඔහුගේ දූතයාණන්ගේ තෘප්තිය බලාපොරොත්තු වන්නෙහු නම් මතුලොව නිවහනෙහි ස්වර්ග උයන අපේක්ෂා කරන්නෙහු නම් නුඹලා සිටින තත්ත්වය මත ඉවසීමෙන් රෑඳී සිටිනු. නුඹලා අතරින් ඉවසිලිවන්ත ව හා යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නන්හට සැබැවින්ම අල්ලාහ් අතිමහත් තිළිණයක් සූදානම් කර ඇත."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න