සූරා 33 · ජුස් 21

Al-Ahzab · 33:30

يَا نِسَاءَ النَّبِيِّ مَنْ يَأْتِ مِنْكُنَّ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا

අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා අතුරින් කවරෙකු හෝ පැහැදිලි අශීලාචාර දෙයක් සමග පැමිණෙන්නේ ද ඇයට දඬුවම දෙගුණයක් කරනු ලැබෙයි. තවද එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.

තෆ්සීර්

නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා අතරින් කවරෙකු ප්රසිද්ධ පාපයක් සිදු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සඳහා දඬුවම ඇයට ගුණ කර දෙනු ඇත. එය ඇයට හිමිව ඇති නිලය හා ස්ථානය නිසාවෙනි. එමෙන්ම ඔවුන් සමග වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ඇසුරු ආරක්ෂා කිරීම සඳහාය. එසේ ගුණ කර දීම අල්ලාහ්ට පහසු කාර්යයකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න