සූරා 33 · ජුස් 21
Al-Ahzab · 33:28
يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ إِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ وَأُسَرِّحْكُنَّ سَرَاحًا جَمِيلًا
“ අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ට, “මෙලොව ජීවිතය හා එහි අලංකාරය නුඹලා ප්රිය කරන්නෙහු නම් එවිට නුඹලා එනු. මම නුඹලාට භුක්ති විඳින්නට සළස්වා (විවාහ බන්ධනයෙන්) අලංකාර මුදවාලීමකින් මම නුඹලාව මුදවාලමි යැයි පවසනු.
තෆ්සීර්
අහෝ නබිවරය! නුඹේ බිරියන් සඳහා අධික ව වියදම් කිරීමේ පහසුකම් නුඹ සතු ව නොමැති තත්ත්වයක, වියදම සඳහා වැඩිපුර ප්රමාණයක් ලබා දෙන මෙන් නුඹෙන් පතන බිරින්දෑවරුන්ට නුඹ මෙසේ පවසනු. "නුඹලා මෙලොව ජීවිතය හා එහි ඇති අලංකාරය අපේක්ෂා කරන්නෙහු නම් නුඹලා මා වෙත එනු. දික්කසාද වූ කාන්තාවන් කවර කරුණක් භුක්ති විඳින්නේ ද එවන් දෑ භුක්ති විඳීමට සලස්වමි. හිංසා කිරීමෙන් හෝ පීඩා කිරීමෙන් තොර ව මම නුඹලා ව දික්කසාද කරමි."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න