සූරා 33 · ජුස් 21
Al-Ahzab · 33:22
وَلَمَّا رَأَى الْمُؤْمِنُونَ الْأَحْزَابَ قَالُوا هَٰذَا مَا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ وَصَدَقَ اللَّهُ وَرَسُولُهُ ۚ وَمَا زَادَهُمْ إِلَّا إِيمَانًا وَتَسْلِيمًا
දෙවියන් විශ්වාස කරන්නෝ එම (ඒකාබද්ධ) සේනාවන් දුටු කල්හි “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතිඥා දුන් දෑ මෙය වේ. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සත්යය පැවසීය” යැයි පැවසූහ. එය විශ්වාසය හා යටහත් වීම මිස වෙනෙකක් ඔවුනට අධික කළේ නැත.
තෆ්සීර්
දේව විශ්වාසීන් සමග යුද වදින්නට එක්රැස් වූ සේනාංකයන් ඔවුන් දෑසින් ම දුටු කල්හි ඔවුහු, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අපට ප්රතිඥා දුන් පරීක්ෂණය, විභාගය, උදව්ව උපකාරය මෙයයි. මෙහිදී අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සත්යය පවසා ඇත. එය තහවුරු විය." යැයි පවසා සිටියහ. සේනාවන් තම දෑසින් දැකීම අල්ලාහ් පිළිබඳ විශ්වාසය හා ඔහුට අවනත වීම මිස වෙනත් කිසිවක් ඔවුනට වර්ධනය කළේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න