සූරා 33 · ජුස් 21

Al-Ahzab · 33:23

مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُمْ مَنْ قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا

කවර දෙයක් මත අල්ලාහ් සමග ඔවුහු ගිවිස ගත්තෝ ද එය සැබෑ කළ මිනිසුන් දෙවියන් විශ්වාස කරන්නන් අතුරින් වෙති. එසේ (යුද පිටියේ දිවි පුදා) තම භාරය ඉටු කළවුන් ඔවුන් අතුරින් වෙති. තවද බලාපොරොත්තුවෙන් සිටින්නන් ද ඔවුන් අතුරින් වෙති. ඔවුහු කිසිදු පෙරළීමකින් නොපෙරළුණහ.

තෆ්සීර්

දේව විශ්වාසීන් අතර අල්ලාහ් සත්යය බව පවසා අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම මත ඉවසීමෙන් දරා එහි ස්ථාවර ව සිටින බවට ඔහු සමග ඇති කරගත් ගිවිසුම ඉටු කළ පිරිමින් පිරිසක් දේව විශ්වාසීන් අතර වෙති. එමෙන්ම මිය ගිය හෝ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළවුන් පිරිසක් ද වෙති. තවද අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූවන් ද වෙති. කුහකයින් තමන්ගේ ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කළාක් මෙන් මෙම දේව විශ්වාසීන් අල්ලාහ් සමග ඇති කරගත් ගිවිසුම් වෙනස් කළේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න