සූරා 33 · ජුස් 21

Al-Ahzab · 33:21

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය.

තෆ්සීර්

අල්ලාහ්ගේ දූතයාණන් ප්රකාශ කළ දෑහි, එතුමාණන් ඒ අනුව ක්රියාත්ම කළ දෑහි හා එතුමාණන් කටයුතු කළ දෑහි අලංකාර ආදර්ශයක් නුඹලාට විය. එතුමාගේ ගෞරවනීය ප්රාණය පරදුවට තබා යුද්ධය සඳහා යුහුසුළුව සූදානම් වූහ. එසේ තිබියදී එතුමාගේ ජීවිතයට වඩා නුඹලාගේ ජීවිත ගැන නුඹලා මසුරු වනුයේ කෙසේ ද? අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් හා අවසන් දිනය බලාපොරොත්තුවෙන් සිටි, ඒ සඳහා කටයුතු කරන, අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරන්නන් මිස අල්ලාහ්ගේ දූතයාණන් ගැන වෙනත් කිසිවකු කණස්සලු වන්නේ නැත. අවසන් දිනය ගැන බලාපොරොත්තු නොවන, අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි නොකරන අය වනාහි, සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් ගැන දුක් නොවනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න