සූරා 32 · ජුස් 21
As-Sajdah · 32:27
أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاءَ إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنْفُسُهُمْ ۖ أَفَلَا يُبْصِرُونَ
නියත වශයෙන්ම අප ජලය නිසරු පොළොව වෙත ගෙන ගොස් එමගින් ඔවුන්ගේ ගොවිපළ සතුන් හා ඔවුන් අනුභව කරන භෝග හටගැන්වීම ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු නිරීක්ෂා කර නොබලන්නෙහු ද?
තෆ්සීර්
සැබැවින්ම අපි පැලෑටි නොමැති වියළි භූමියට වර්ෂාව පතිත කොට එම ජලය මගින් ඔවුන්ගේ ඔටුවන් ඔවුන්ගේ ගවයින් හා ඔවුන්ගේ එළුවන් මෙන්ම ඔවුන් ද එයින් ආහාර අනුභව කිරීම සඳහා පෝෂණ සම්පත් බැහැර කර තිබීම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කරන මොවුහු නොදුටුවෝ ද? ඔවුන් ඒ ගැන සිතා බැලිය යුතු නොවේ ද? සැබැවින්ම වියළි පොළොවේ පැලෑටි හට ගන්වන්නා, මියගියවුන් යළි අවදි කිරීමට ශක්තිය ඇත්තා බව ඔවුහු ග්රහණය නොකරන්නෝ ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න