සූරා 32 · ජුස් 21
As-Sajdah · 32:26
أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ ۖ أَفَلَا يَسْمَعُونَ
ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අප විනාශ කර තිබීම ඔවුනට මග නොලැබුණේද? ඔවුහු ඔවුන්ගේ වාසස්ථාන අතුරින් ගමන් කරන්නෙහුය. නියත වශයෙන්ම එහි සංඥා ඇත. ඔවුහු සවන් නොදෙන්නෙහු ද?
තෆ්සීර්
මොවුහු අන්ධ වී ඇත්තෝ ද? ඔවුනට පෙර සිටි කොපමණ සමූහයන් අපි විනාශ කර ඇත්තේදැ යි ඔවුනට පැහැදිලි නොවූයේද? ඔවුන් විනාශ කිරීමට පෙර තම වාසස්ථාන ලෙස ගත් ඔවුන්ගේ එම වාසස්ථාන අතර මොවුහු ගමන් කරති. නමුත් ඔවුන්ගේ තත්ත්වය දෙස බලා මොවූහු උපදෙස් නොලැබුවෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ පාපකම් හේතුවෙන් එම සමූහයන්ට අත් වූ විනාශයෙහි අල්ලාහ්ගෙන් ඔවුන් වෙත පැමිණි ඔවුන්ගේ දූතවරුන් සත්යයය බවට සාධක කර ගන්නා පාඩමක් ඇත. අල්ලාහ්ගේ වදන් බොරු කරන මොවුන් පිළිගන්නා හා උපදෙස් ලබන පරිදි ඒවාට සවන් දිය යුතු නොවේ ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න