සූරා 32 · ජුස් 21
As-Sajdah · 32:25
إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගෙන සිටියේ ද එහි නියත වශයෙන්ම ඔබේ පරමාධිපති ඔවුන් අතර වෙන් කරයි.
තෆ්සීර්
අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් මෙලොව කවර කරුණක් සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගත්තේ ද එහි දී ඔහු ඔවුන් වෙන් කරනු ඇත. සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන්දැයි පැහැදිලි කරනු ඇත. ඒ සෑම කෙනෙකුටම ගැළපෙන ප්රතිපල ඔහු පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න