සූරා 32 · ජුස් 21
As-Sajdah · 32:24
وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا ۖ وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ
තවද ඔවුන් ඉවසමින් සිට අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටි කල්හි ඔවුන් අතුරින් අපගේ නියෝගය පරිදි අපි මග පෙන්වන නායකයින් ඇති කළෙමු.
තෆ්සීර්
සත්යය විෂයයෙහි ජනයා ඔවුන් පිළිපැදීම සඳහා අපි ඉසිරාඊල් දරුවන් අතරින් නායකයින් පත් කළෙමු. අපි ඔවුනට දුන් අවසරය හා ඔවුනට පිරිනැමූ බලය තුළින් ඔවුහු සත්යය වෙත මග පෙන්වති. ඔවුන් අල්ලාහ්ගේ නියෝග පිළිපැදීමෙහි හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමෙහි ඉවසා දරා ගත් අතර ඇරයුම් කරන මාර්ගයෙහි අත් වන වේදනාවන් ද ඉවසා දරා ගත්තෝය. ඔවුන්ගේ දූතවරුන්ට පහළ කළ අල්ලාහ්ගේ වදන් සහතික කොට ඒවා සත්යය බව පවසමින් සිටියෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න