සූරා 32 · ජුස් 21

As-Sajdah · 32:23

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَلَا تَكُنْ فِي مِرْيَةٍ مِنْ لِقَائِهِ ۖ وَجَعَلْنَاهُ هُدًى لِبَنِي إِسْرَائِيلَ

තවද සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙයින් ඔහුගේ හමුව පිළිබඳ ව සැකයෙහි නොවනු. තවද අපි එය ඉස්රාඊල් දරුවන්ට මග පෙන්වීමක් බවට පත් කළෙමු.

තෆ්සීර්

සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. එහෙයින් අහෝ දූතය! ඉස්රාඃ රාත්රියේ මිඃරාජ් ගමනෙහි ඔබ මූසා ව හමුවීම ගැන සැකයෙහි පසු නොවනු. තවද මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත පහළ කරන ලද ග්රන්ථය ඉස්රාඊල් දරුවන්ට මුළාවෙන් යහමග ලබන්නක් බවට පත් කළෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න