සූරා 32 · ජුස් 21
As-Sajdah · 32:14
فَذُوقُوا بِمَا نَسِيتُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا إِنَّا نَسِينَاكُمْ ۖ وَذُوقُوا عَذَابَ الْخُلْدِ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
එහෙයින් මේ නුඹලාගේ දිනයේ හමු ව නුඹලා අමතක කළ බැවින් නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන්ම අපි නුඹලා අමතක කළෙමු. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සදාතනික දඬුවම භුක්ති විඳිනු.
තෆ්සීර්
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් හෙළා දකිමින් හා ඔවුන් පිළිකුල් කරමින්, මෙසේ පවසනු ලැබේ: නුඹලාගේ විනිශ්චය සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හමුව පිළිබඳ මෙලොව ජීවිතයේ දී නුඹලා නොසැලකිල්ලෙන් සිටි බැවින් නුඹලා දඬුවම භුක්ති විඳිනු. සැබැවින්ම කවර දෙයකට නුඹලා අනුකූල වන්නේ ද ඒ ගැන අපි සැලකිලිමත් නොවී නුඹලා ව දඬුවම තුළ අතහැර දමන්නෙමු. නුඹලා මෙලොව සිදුකරමින් සිටි පාපකම් හේතුවෙන් නිමක් නැති සදාතනික නිරා ගින්නේ දඬුවම නුඹලා භුක්ති විඳිනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න