සූරා 32 · ජුස් 21
As-Sajdah · 32:15
إِنَّمَا يُؤْمِنُ بِآيَاتِنَا الَّذِينَ إِذَا ذُكِّرُوا بِهَا خَرُّوا سُجَّدًا وَسَبَّحُوا بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ۩
අපගේ වදන් විශ්වාස කරනුයේ ඒවා ඔවුනට මෙනෙහි කරනු ලබන විට (සිරස බිම තබා) සුජූද් කරමින් බිම වැටී ඔවුන්ගේ පරමාධිපතිගේ ප්රශංසා ව තුළින් සුවිශුද්ධ කළ අය වෙති. තවද ඔවුහු උඩගු නොවෙති.
තෆ්සීර්
අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් විශ්වාස කරනුයේ, ඔවුනට ඒ ගැන උපදෙස් දෙනු ලැබූ විට අල්ලාහ්ගේ ප්රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරමින් ඔහුට සුජූද් කරන්නෝ වෙති. එමෙන්ම ඔවුහු කවර තත්ත්වයක වුව ද අල්ලාහ්ව නැමදීමට හෝ ඔහුට සුජූද් කිරීමට හෝ උඩඟු නොවෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න