සූරා 32 · ජුස් 21
As-Sajdah · 32:13
وَلَوْ شِئْنَا لَآتَيْنَا كُلَّ نَفْسٍ هُدَاهَا وَلَٰكِنْ حَقَّ الْقَوْلُ مِنِّي لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ
තවද අපි අභිමත කළේ නම් සෑම ආත්මයකට එහි යහමග (මුල සිටම) පිරිනමන්නට තිබුණි. නමුත් (අපරාධකාරී) ජින්නුන් හා මිනිසුන් යන සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි යන මා විසින් වූ ප්රකාශය නියම වී ඇත.
තෆ්සීර්
සෑම ආත්මයකටම එහි යහමග පිරිනමා එයට ආශිර්වාද කරන්නට අපි අභිමත කළේ නම් ඒ සඳහා අපි එය උසුලන්නට සලස්වමු. නමුත් මගෙන් වූ ප්රඥාවක් හා යුක්ති ධර්මයක් ලෙස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජින් හා මිනිස් යන දෙවර්ගයෙන් වූ දේව ප්රතික්ෂේපකයින්ගෙන් සැබැවින්ම නිරා ගින්න පුරවමි යන ප්රකාශය අනිවාර්යය විය. එය ඔවුන් දේව විශ්වාසය හා ඍජු මාර්ගයට වඩා දේව ප්රතික්ෂේය හා මුළාවේ මාර්ගය තෝරා ගන්නා බැවිණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න