සූරා 32 · ජුස් 21

As-Sajdah · 32:12

وَلَوْ تَرَىٰ إِذِ الْمُجْرِمُونَ نَاكِسُو رُءُوسِهِمْ عِنْدَ رَبِّهِمْ رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا إِنَّا مُوقِنُونَ

එවිට වැරදිකරුවෝ තම පරමාධිපති අබියස තම හිස් පහත් කර ගනිමින් අපගේ පරමාධිපතියාණනි, අපි දුටුවෙමු. අපි සවන් දුන්නෙමු. එහෙයින් අප ව නැවත එවනු මැනව! අපි යහකම් කරන්නෙමු. නියත වශයෙන්ම අපි ස්ථීර ව සිටින්නෝ වෙමු යැයි ඔවුන් පවසනු ඔබ දකින්නේ නම් ! (එදින තත්ත්වය නුඹට හෙළිවෙයි.)

තෆ්සීර්

නැවත නැගිටුවනු ලැබීම ගැන ප්රතික්ෂේප කිරීම හේතුවෙන් තම හිස් පහත් කරමින් අවමානයට පත් ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වැරදිකරුවන් බැහැර කරනු ඇත. ඔවුහු එම අපහාසය ගැන වටා ගෙන, "අපගේ පරමාධිපතියාණනි! යළි අවදි කිරීම ගැන අපි බොරු කරමින් සිටි දෑ අපි දැන් දෑසින්ම දැක බලා ගත්තෙමු. ඔබ වෙතින් දූතවරු ගෙන ආ සත්යයට අපි සවන් දී ඇත්තෙමු. එහෙයින් නැවතත් අප මෙලොව ජීවිතය වෙත යොමු කරනු. ඔබ අපෙන් පිළිගන්නා අයුරින් දැහැමි ක්රියාවන් අපි සිදු කරන්නෙමු. සැබැවින්ම යළි අවදි කිරීම ගැනත් දූතවරුන් කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැනත් දැන් අපි තරයේම විශ්වාස කරමු." යැයි පවසති. එම තත්ත්වයේ නුඹ එම අපරාධකරුවන් දුටුවේ නම් එය බරපතළ කරුණක් යැයි නුඹ දකිනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න