සූරා 32 · ජුස් 21
As-Sajdah · 32:11
۞ قُلْ يَتَوَفَّاكُمْ مَلَكُ الْمَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ
නුඹලාව භාර කරනු ලැබූ මලකුල් මවුත් හෙවත් මරණයේ දූතයා නුඹලා මරණයට පත් කරයි. පසු ව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා යොමු කරනු ලබනු ඇත.
තෆ්සීර්
අහෝ දූතය! යළි අවදි කරනු ලැබීම බොරු කරන මෙම දේව ආදේශකයින්හට "නුඹලාගේ ප්රාණ අත්පත් කර ගැනීමට අල්ලාහ් පැවරූ ‘මලකුල් මව්ත්’ හෙවත් මරණයේ දූතයා නුඹලා ව මරණයට පත් කරයි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු වනුයේ අප වෙත පමණය." යැයි නුඹ පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න