සූරා 31 · ජුස් 21

Luqman · 31:27

وَلَوْ أَنَّمَا فِي الْأَرْضِ مِنْ شَجَرَةٍ أَقْلَامٌ وَالْبَحْرُ يَمُدُّهُ مِنْ بَعْدِهِ سَبْعَةُ أَبْحُرٍ مَا نَفِدَتْ كَلِمَاتُ اللَّهِ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ

මහපොළොවේ ගස් අතුරින් පන්හිදවල් වී තවද මුහුද ද එයට පසු ව තවත් මුහුදු හතක් එයට එකතු වුව ද අල්ලාහ්ගේ වදන් නිමා නොවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.

තෆ්සීර්

සැබැවින්ම මහපොළොවේ ඇති ගස් කපා; ඒවායින් පන්හිදවල් සාදා; ඒ සඳහා තීන්ත වශයෙන් සාගරය පත් කොට එයට තවත් සාගර හතක් එකතු කළ ද අල්ලාහ්ගේ වදන් නිමා නොවන බැවින් ඒවා අවසන් වී යන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවකු විසින් ඔහු පරාජය කළ නොහැක. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න