සූරා 31 · ජුස් 21

Luqman · 31:28

مَا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ إِلَّا كَنَفْسٍ وَاحِدَةٍ ۗ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

නුඹලා මැවීම හෝ නුඹලා නැවත නැගිටුවීම හෝ එකම ආත්මයක් මෙන් මිස නැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්ව නිරීක්ෂකය.

තෆ්සීර්

අහෝ ජනයිනි! නුඹලා ව මැවීම හෝ විනිශ්චය හා ප්රතිඵල සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා ව අවදි කිරීම එක ආත්මයක් මවා එය අවදි කරන්නාක් මෙන් පහසු කාර්යයක් මිස නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය. වෙනත් දෙයකට සවන් දෙන විට සවන් කාර්යබහුල වන පරිදි ඔහුගේ සවන කාර්යය බලහු වන්නේ නැත. ඔහු සර්ව නිරීක්ෂකය. වෙනත් දෙයක් බැලීමෙන් බැල්ම කාර්යබහුල වන පරිදි ඔහුගේ බැල්ම කාර්යබහුල වන්නේ නැත. එලෙසම එක් ආත්මයක් මැවීම හෝ අවදි කිරීම තවත් ආත්මයක් මැවීමෙන් හෝ එය අවදි කිරීමෙන් ඔහු කාර්යබහුලත්වයට පත් වන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න