සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:8
أَوَلَمْ يَتَفَكَّرُوا فِي أَنْفُسِهِمْ ۗ مَا خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُسَمًّى ۗ وَإِنَّ كَثِيرًا مِنَ النَّاسِ بِلِقَاءِ رَبِّهِمْ لَكَافِرُونَ
ඔවුහු තමන් ගැන කල්පනා නොකළෙහු ද? අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද යුක්තියෙන් හා නියමිත කාල සීමාවක් සහිත ව මිස අල්ලාහ් නොමැව්වේය. තවද ජනයා අතුරින් බහුතරයක් දෙනා ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ප්රතික්ෂේප කරන්නෝ වෙති.
තෆ්සීර්
තමන් මවා සකසා ඇත්තේ කෙසේ දැයි බොරුකාර දේව ආදේශකයින් වන මොවුහු මොවුන් තුළ පරිශීලනය කළ යුතු නොවේ ද? සත්යයෙන් යුතු ව මිස අල්ලාහ් අහස් හෝ මහපොළොව හෝ ඒ දෙක අතර ඇති දෑ හෝ මවා නැත. ඒවා නිකරුණේ මැවූ වස්තූන් දෙකක් නොවෙති. මෙලොව ජීවිතයේ ඒ දෙකෙහිම පැවැත්ම සඳහා නියමිත කාලයක් අල්ලාහ් ඒ දෙක සඳහා වෙන් කර ඇත. ජනයා අතරින් බොහෝ දෙනෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ හමු ව පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති. එහෙයින් තම පරමාධිපති අබියස තෘප්තියට ලක්වන දැහැමි ක්රියාවන් තුළින් නැවත නැගිටුවනු ලැබීම සඳහා ඔවුහු සූදානම් නොවෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න