සූරා 30 · ජුස් 21

Ar-Rum · 30:9

أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَثَارُوا الْأَرْضَ وَعَمَرُوهَا أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ

මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු අධීක්ෂණය කර නොබැලුවෙහු ද? ඔවුහු මොවුනට වඩා ශක්තියෙන් අධික වූහ. ඔවුහු මහපොළොවේ අස්වැද්දූහ. මොවුන් පාලනය කළ දෑට වඩා ඔවුහු එය අධික ලෙස පරිපාලනය කළෝය. ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක සමඟ පැමිණියහ. ඔවුනට අපරාධ කිරීමට අල්ලාහ්ට නොවීය. එනමුත් ඔවුහු ඔවුනටම අපරාධ කරගන්නන් වූහ.

තෆ්සීර්

ඔවුනට පෙර විසූ ජන සමූහයන්ගේ අවසානය කෙසේ වී දැ?යි සිතා බලනු පිණිස ඔවුන් මහපොළොවේ සැරිසරා බැලිය යුතු නොවේද? එම සමූහයන් මොවුනට වඩා බලවත් වූහ. කෘෂිකර්මය සඳහාත් ප්රතිසංස්කරණය සඳහාත් උචිත ලෙස ඔවුන් ඉඩම් පරිවර්තනය කළෝය. මොවුන් පාලනය කිරීමට වඩා අධික කාලයක් ඔවුන් එය පාලනය කළෝය. අල්ලාහ්ගේ ඒකීයත්වය සැල කරමින් පැහැදිළි සාධක හා සාක්ෂි සමග ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණියෝය. නමුත් ඔවුහු බොරු කළෝය. අල්ලාහ් ඔවුන් විනාශ කරන විට අපරාධකරුවකු නොවීය. නමුත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් විනාශයේ කරුණු ගෙන්වා ගනිමින් තමන්ටම අපරාධකර ගත්තෝ ඔවුහුමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න