සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:7
يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ
මෙලොව ජීවිතයේ මතුපිටින් වූ දෑ ඔවුහු දනිති. නමුත් මතු ලොව පිළිබඳ ව ඔවුහු අනවධානීහුය.
තෆ්සීර්
ඔවුහු දේව විශ්වාසය හෝ ආගමික නීතිය පිළිබඳ නොදනිති. ඔවුන් දැන සිටිනුයේ ජීවනෝපාය, භෞතික සංස්කෘතිය ගොඩ නැගීම වැනි දැයින් බැඳුණු මෙලොව ජීවිතයේ මතුපිට පමණි. මතුලොව සැබෑ නිවහන වන මතුලොව ඔවුන් ප්රතික්ෂේප කරන්නෝ වෙති. ඒ දෙස ඔවුහු හැරී නොබලති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න