සූරා 30 · ජුස් 21

Ar-Rum · 30:56

وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَالْإِيمَانَ لَقَدْ لَبِثْتُمْ فِي كِتَابِ اللَّهِ إِلَىٰ يَوْمِ الْبَعْثِ ۖ فَهَٰذَا يَوْمُ الْبَعْثِ وَلَٰكِنَّكُمْ كُنْتُمْ لَا تَعْلَمُونَ

නැවත නැගිටුවනු ලබන දිනය දක්වා අල්ලාහ්ගේ ලේඛනයෙහි ඇති පරිදි නුඹලා රැඳී සිටියෙහුය. නැවත නැගිටුවනු ලබන දිනය මෙයයි. එනමුත් නුඹලා එය දැන සිටියේ නැත යැයි ඥානය හා විශ්වාසය දෙනු ලැබූවන් පැවසූහ.

තෆ්සීර්

අල්ලාහ් දැනුම පිරිනැමූ නබිවරු හා මලක්වරු, "අල්ලාහ් තමන් සතු පූර්ව දැනුමෙහි සටහන් කර ඇති පරිදි, නුඹලා මැවීමේ දින පටන් නුඹලා පිළිකුල් කළ නුඹලාව නැවත අවදි කිරීමේ දිනය දක්වා සැබැවින්ම නුඹලා රැඳී සිට ඇත. මෙය ජනයා ඔවුන්ගේ මිනීවළවල්වලින් අවදි කරනු ලබන දිනයයි. නමුත් සැබැවින්ම නැවත නැගිටුවනු ලැබීම සිදුවන්නක් බව නුඹලා නොදැන සිටියෙහුය. නුඹලා එය ප්රතික්ෂේප කළෙහුය." යැයි පවසති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න