සූරා 30 · ජුස් 21

Ar-Rum · 30:55

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُقْسِمُ الْمُجْرِمُونَ مَا لَبِثُوا غَيْرَ سَاعَةٍ ۚ كَذَٰلِكَ كَانُوا يُؤْفَكُونَ

අවසන් හෝරාව සිදු වන දින වැරදිකරුවෝ තමන් මොහොතක් මිස රැඳී නොසිටි බවට දිවුරා සිටිති. එලෙසය ඔවුහු බොරු ගොතමින් සිටියේ.

තෆ්සීර්

මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම සිදුවන දිනයේ තමන්ගේ මිනීවළවල්වල මොහොතක් මිස රැඳී නොසිටි බව වැරදිකරුවෝ දිවුරා සිටිති. ඔවුන්ගේ මිනීවළවල් තුළ රැඳී සිටි කාල ප්රමාණය පිළිබඳ දැනුමෙන් ඔවුන් වෙනතකට හරවනු ලැබුවාක් මෙන් ඔවුහු මෙලොවෙහි සත්යයෙන් වෙනතකට යොමුවෙමින් සිටියෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න