සූරා 30 · ජුස් 21

Ar-Rum · 30:54

۞ اللَّهُ الَّذِي خَلَقَكُمْ مِنْ ضَعْفٍ ثُمَّ جَعَلَ مِنْ بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنْ بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً ۚ يَخْلُقُ مَا يَشَاءُ ۖ وَهُوَ الْعَلِيمُ الْقَدِيرُ

දුබලත්වයේ සිට නුඹලා ව මැව්වේ ඔහුය. අනතුරු ව දුබලත්වයෙන් පසු ව ඔහු ශක්තිමත් භාවයට පත් කළේය. පසු ව ශක්තිමත් භාවයෙන් පසු ව දුර්වලභාවයටත් කෙස් ඉඳී ගිය තත්ත්වයටත් ඔහු පත් කළේය.

තෆ්සීර්

අහෝ මිනිසුනි! අල්ලාහ් වනාහි, අල්ප ජලයෙන් නුඹලාව මවා, නුඹලාගේ දුර්වල ළදුරු අවදියෙන් පසු ශක්තිමත් මිනිස් අවදියටත්, අනතුරුව ශක්තිමත් මිනිස් අවදියෙන් පසු වැඩිහිටි වයෝවෘද්ධ දුබල අවදියටත් පත් කරනුයේ ඔහුය. දුර්වල දැයින් හා ශක්තිමත් දැයින් අල්ලාහ් අභිමත කරන දෑ ඔහු මවන්නේය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න