සූරා 30 · ජුස් 21

Ar-Rum · 30:53

وَمَا أَنْتَ بِهَادِ الْعُمْيِ عَنْ ضَلَالَتِهِمْ ۖ إِنْ تُسْمِعُ إِلَّا مَنْ يُؤْمِنُ بِآيَاتِنَا فَهُمْ مُسْلِمُونَ

තවද අන්ධයින්ට ඔවුන්ගේ නොමග යෑමෙන් ඔබ මග පෙන්වන්නකු ලෙස නැත. අපගේ වදන් විශ්වාස කරන අයට මිස ඔබ සවන් දෙන්නට සැලැස්විය නොහැක. හේතුව ඔවුහු (අල්ලාහ්ට අවනත වූ) මුස්ලිම්වරුන්ය.

තෆ්සීර්

ඍජු මාර්ගයෙන් නොමග ගියවුන්ට යහමාර්ගය වෙත ආශිර්වාද කරන්නෙකු ලෙස නුඹ නැත. එමෙන්ම එමගින් ප්රයෝජන ලබන අයුරින් ඔවුනට සවන් වැකෙන්නට සැලැස්විය ද නොහැක. නමුත් අපගේ වදන් විශ්වාස කරන්නන් හැර නුඹ පවසන දැයින් ප්රයෝජනය ලබන්නේ එවැන්නන්ය. ඔවුහු අපගේ නියෝගවලට අවනත වන, එයට යටත් වන අය වෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න