සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:52
فَإِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ
(නබි තුමනි!) එහෙයින් ඔබ මළවුනට සවන් දෙන්නට සැලැස්විය නොහැක. තවද ඔවුහු පසුපසු හැරී ගිය විට ද බිහිරාට එම ඇරයුම සවන් දෙන්නට සැලැස්විය නොහැක.
තෆ්සීර්
නුඹ මියගියවුනට සවන් වැකෙන්නට සැලැස්විය නොහැකි සේම බිහිරන්ට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. ඔවුන් සවන් නොදෙන බව ස්ථීර කරගත් බැවින් ඔවුහු නුඹගෙන් දුරස්ව ගියෝය. මොවුන් මෙන්ම පිටුදකින, ප්රයෝජන නොලබන අයට ද මග පෙන්වීමට නුඹට නොහැකිය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න