සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:57
فَيَوْمَئِذٍ لَا يَنْفَعُ الَّذِينَ ظَلَمُوا مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ
එහෙයින් එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම ප්රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු (අල්ලාහ්ගේ තෘප්තිය වෙත) නැවත හැරී එන මෙන් ඉල්ලා සිටිනු ලබන්නන් නොවෙති.
තෆ්සීර්
විනිශ්චය හා ප්රතිඵල සඳහා අල්ලාහ් සියලු මැවීම් යළි අවදි කරන දිනයේ, ඔවුන් නිදහසට බොරු ගොතා පවසන දෑ ප්රයෝනවත් වන්නේ නැත. එම නියමිත කාලය අතපසු වී ඇති බැවින් පාපක්ෂමාව අයැද අල්ලාහ් වෙත යොමු වී ඔහුගේ තෘප්තිය සොයන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු නොලැබේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න