සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:47
وَلَقَدْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُمْ بِالْبَيِّنَاتِ فَانْتَقَمْنَا مِنَ الَّذِينَ أَجْرَمُوا ۖ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ
ඔබට පෙර ද දූතවරුන් ඔවුන්ගේ ජනයා වෙත සැබැවින්ම අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණියෝය. පසු ව (එය ඔවුහු නොපිළිගත් බැවින්) වැරදි කළවුන්ගෙන් අපි පළිගත්තෙමු. දෙවියන් විශ්වාස කරන්නන් හට උපකාර කිරීම අප වෙත පැවරුණු වගකීමක් විය.
තෆ්සීර්
අහෝ දූතය! සැබැවින්ම නුඹට පෙර අපි දූතවරුන් ඔවුන්ගේ සමූහයන් වෙත එව්වෙමු. ඔවුහු තම සත්යයභාවය පෙන්වා දෙන පැහැදිලි සාධක හා සාක්ෂි සමග ඔවුන් වෙත පැමිණියහ. නමුත් ඔවුන්ගේ දූතවරු ගෙන ආ දෑ ඔවුහු ප්රතික්ෂේප කළෝය. එවිට නපුරකම් සිදු කොට පාපකම් කළවුනට අපි ප්රතිචාර දැක්වූයෙමු. අපගේ දඬුවමින් අපි ඔවුන් විනාශ කළෙමු. දූතවරුන් හා ඔවුන්ව විශ්වාස කළවුන්ව එම විනාශයෙන් අපි මුදවා ගත්තෙමු. එමෙන්ම දේව විශ්වාසීන් මුදවා ගැනීමත් ඔවුනට උපකාර කිරීමත් අප වෙත අප අනිවාර්යය කර ගත්තා වූ උරුමයක් විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න