සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:46
وَمِنْ آيَاتِهِ أَنْ يُرْسِلَ الرِّيَاحَ مُبَشِّرَاتٍ وَلِيُذِيقَكُمْ مِنْ رَحْمَتِهِ وَلِتَجْرِيَ الْفُلْكُ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
තවද ඔහුගේ කරුණාවෙන් නුඹලා භුක්ති විඳින්නට සලස්වනු පිණිසත් ඔහුගේ නියෝගයෙන් නැව් ගමන් කරනු පිණිසත් ඔහුගේ භාග්යයෙන් නුඹලා සොයනු පිණිසත් එමෙන්ම නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ශුභාරංචි වශයෙන් ඔහු සුළඟ එවීම ඔහුගේ සංඥා අතුරිනි.
තෆ්සීර්
අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ තවත් මහඟු සංඥාවක් වන්නේ වර්ෂාව පහළවීම සමීපයෙන් සිදු වන බවට ගැත්තන්හට ශුභාරංචි ගෙන දෙන සුළං එවීමය. අහෝ ජනයිනි! එය, වර්ෂාවෙන් පසු ඔහුගේ කරුණාවෙන් හට ගන්නා සංශ්රිකත්වය හා සතුට නුඹලාට භුක්ති විඳීමට ඔහු සලස්වනු පිණිසය. එමෙන්ම ඔහුගේ අභිමතය පරිදි මුහුදේ නැව් ගමන් කරවනු පිණිසය. එය ඔහුගේ භාග්යයෙන් සාගරයේ ගමන් කොට ව්යාපාර කටයුතු කිරීම සඳහාය. නුඹලා වෙත අල්ලාහ් ආශිර්වාද කළ ආශිර්වාදයන්ට කෘතඥ වී එමගින් ඔහු නුඹලාට අධිකව පිරිනමනු හැකිවනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න