සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:48
اللَّهُ الَّذِي يُرْسِلُ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَيَبْسُطُهُ فِي السَّمَاءِ كَيْفَ يَشَاءُ وَيَجْعَلُهُ كِسَفًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ خِلَالِهِ ۖ فَإِذَا أَصَابَ بِهِ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ
සුළඟ එවනුයේ අල්ලාහ්ය. එවිට එය වලාකුළු නංවයි. එවිට ඔහු අභිමත කරන පරිදි අහසෙහි එය විසිරුවා හරියි. තවද එය කොටස් බවට පත් කරයි. එවිට ඒ අතුරින් වර්ෂාව පිට වනු ඔබ දකිනු ඇත. එවිට එය ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අය වෙත පතිත වූ විට ඔවුහු සතුටු වෙති.
තෆ්සීර්
සුළං මෙහෙයවන්නේ ද, එය එවන්නේ ද සුවිශුද්ධයාණන් වන අල්ලාහ්ය. එම සුළං වළාකුළුවලට බලපෑම් ඇති කර එහි කම්පනයක් ඇති කරයි. එවිට එය අහසෙහි අල්ලාහ් අභිමත කරන පරිදි සුළු වශයෙන් හෝ අධික වශයෙන් හෝ ව්යාප්ත වී යයි. එමෙන්ම එය කොටස් බවටත් පත් කරයි. අධීක්ෂණය කර බලන්නනි! එවිට එම වළාකුළු අතරින් වර්ෂාව පහළ වනු නුඹ දකිනු ඇත. ඔහු අභිමත කරන ගැත්තන් හට වර්ෂාව ලැබුණු විට වර්ෂාව පහළ කිරීමෙන් පසු ඔවුන්ට හා ඔවුන්ගේ සිව්පාවුන්ට අවශ්ය වන දෑ මහපොළොව හට ගැන්වීමෙන් අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදය ගැන සතුටු වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න