සූරා 30 · ජුස් 21

Ar-Rum · 30:39

وَمَا آتَيْتُمْ مِنْ رِبًا لِيَرْبُوَ فِي أَمْوَالِ النَّاسِ فَلَا يَرْبُو عِنْدَ اللَّهِ ۖ وَمَا آتَيْتُمْ مِنْ زَكَاةٍ تُرِيدُونَ وَجْهَ اللَّهِ فَأُولَٰئِكَ هُمُ الْمُضْعِفُونَ

තවද ජනයාගේ වස්තුවෙහි අධික වශයෙන් ලබා ගනු පිණිස පොළියෙන් නුඹලා දුන් දෑ අල්ලාහ් අභියස (කුසල්) වර්ධනය නොකරනු ඇත. නමුත් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවර පරිත්‍යාගයක් නුඹලා දුන්නේ ද එසේ දුන් ඔවුහුමය ගුණ කරනු ලබන්නන් වනුයේ.

තෆ්සීර්

ජනයා අතරින් කෙනෙකුට නුඹලා ධනය පිරිනමා එමගින් නුඹලා අපරාධීකාරී ලෙස අධික ව බලාපොරොත්තු වන්නේ ද එය අල්ලාහ් ඉදිරියේ කුසලින් වර්ධනය වන්නේ නැත. නමුත් අවශ්යතාවක් සඳහා ජනයාගෙන් කිසිදු ලාබයක් හෝ නිලයක් හෝ බලාපොරොත්තුවෙන් තොර ව අල්ලාහ්ගේ තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් අවශ්යතාව ඇත්තන්හට නුඹලාගේ ධනයෙන් නුඹලා පිරිනමන දෑ වනාහි, සැබැවින් අල්ලාහ් අබියස එම කුසල ගුණ කර දෙනු ලබන්නෝ ඔවුහුමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න