සූරා 30 · ජුස් 21

Ar-Rum · 30:38

فَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌ لِلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

එහෙයින් ඥාතී වූවන්ට ඔහුගේ උරුමය දෙනු. දුප්පතාට ද තවද මගියාට ද (දෙනු.) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන් හට එය උතුම්ය. තවද ඔවුහුමය ජයග්‍රාහකයෝ.

තෆ්සීර්

අහෝ මුස්ලිම්වරය! සමීප ඥාතියාට උපකාර කිරීම, සම්බන්ධකම් පැවැත්වීම යනාදී ඔහුට උරුම විය යුතු අයිතිය පිරිනමනු. එමෙන්ම අවශ්යතාවෙන් පෙළෙන්නන්හට ඔවුන්ගේ අවශ්යතාව සපුරා ගන්නා දෑ පිරිනමනු. තම දේශයට යාමට නොහැකිව අතරමං වූ අසරණයාට ද නුඹ පිරිනමනු. අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවන්නන්හට මෙවන් මාර්ගවල වියදම් කිරීම උතුම් වන්නේය. මෙවන් උපකාර හා උරුමයන් පිළිගන්වන්නන් වනාහි, ඔවුහුමය ස්වර්ගයේ ඔවුන් පතන දෑ හිමි කර ගනිමින් ඔවුන් බියවන දඬුවමින් ආරක්ෂාව ලබමින් ජයග්රහණය ලබන්නෝ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න