සූරා 30 · ජුස් 21

Ar-Rum · 30:37

أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ

නියත වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් (ඇතැමුන්ට) සීමා කර දෙන බවත් ඔවුහු නොදුටුවෝ ද? නියත වශයෙන්ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත.

තෆ්සීර්

සැබැවින්ම අල්ලාහ්, ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට ඔවුන් කෘතගුණ සළකන්නේද එසේ නැතහොත් ගුණමකුවන්නේදැයි පරීක්ෂා කරනු පිණිස පෝෂණ සම්පත් ව්යාප්ත කර දීම ඔවුහු නොදුටුවෝ ද? එමෙන්ම ඔවුන් ඉවසීමෙන් සිටින්නේද එසේ නැතහොත් කෝපාවිශ්ඨ වන්නේ දැයි පරීක්ෂා කරනු පිණිස ඔවුන් අතරින් ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් සීමා කරනු ඇත. ඇතැමුන්ට පෝෂණ සම්පත් විස්තීරණ කිරීමෙහි හා ඇතැමුන්ට ඒවා සීමා කිරීමෙහි අල්ලාහ්ගේ කරුණාව හා දයාව පිළිබඳ සාධක දේව විශ්වාසීන්හට ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න