සූරා 30 · ජුස් 21

Ar-Rum · 30:36

وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِهَا ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ

ජනයාට ආශිර්වාදය භුක්ති විඳින්නට සැලැස්වූ විට ඔවුහු එමගින් සතුටු වෙති. නමුත් ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඔවුනට අත්වූයේ නම් ඔවුහු බලාපොරොත්තු සුන් කර ගනිති.

තෆ්සීර්

නීරෝගීභාවය, පොහොසත්කම වැනි අපගේ ආශිර්වාද අතරින් එක් ආශිර්වාදයක් මිනිසුන්ට භුක්ති විඳින්නට සැළැස්වූ විට, ඒ ගැන ආඩම්බරයෙන් ඔවුහු සතුටු වෙති. අහංකාරකම් පාති. ඔවුන්ගේ අත්වලින් ඔවුන් සිදු කරගත් පාපකම් හේතුවෙන් ඔවුනට ලෙඩක් හෝ දිළිඳුකමක් වැනි ඔවුනට නපුරක් වන පරිදි යමක් ඔවුනට අත් වූ විට අල්ලාහ්ගේ කරුණා ව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගනිති. ඔවුනට අත් වූ නපුර ඉවත් වීම ගැන අපේක්ෂාව ඔවුහු අතහරිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න