සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:40
اللَّهُ الَّذِي خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۖ هَلْ مِنْ شُرَكَائِكُمْ مَنْ يَفْعَلُ مِنْ ذَٰلِكُمْ مِنْ شَيْءٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
අල්ලාහ් වන ඔහු නුඹලාව මැව්වේය. නුඹලාට පෝෂණය දුන්නේය. පසු ව ඔහු නුඹලා මරණයට පත් කරන්නේය. පසුව නුඹලාට ජීවය දෙන්නේය. මේවායින් කිසිවක් හෝ සිදු කරන නුඹලාගේ හවුල්කරුවන් කිසිවෙකු හෝ වෙත් ද? ඔහු සුපිවිතුරය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර විය.
තෆ්සීර්
නුඹලාව ඔහු තනිව මවා පසුව නුඹලාට පෝෂණය පිරිනමා පසුව නුඹලා මියගිය පසුව නැවත නැගිටුවනු ලැබීම සඳහා ජීවය ලබා දෙන්නේ අල්ලාහ් වන ඔහු පමණය. මේවා කිසිවක් හෝ සිදු කළ හැකි අල්ලාහ් නොවන වෙනත් පිළිම නුඹලා සතු තිබේ ද? දේව ආදේශකයින් පවසා සිටින දැයින් හා ඔවුන් විශ්වාස කර සිටින දැයින් අල්ලාහ් පිවිතුරුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න