සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:26
وَلَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ كُلٌّ لَهُ قَانِتُونَ
තවද අහස්හි හා මහපොළොවේ ඇති අය ඔහු සතුය. සියල්ල ඔහුට අවනත වන්නෝ වෙති.
තෆ්සීර්
හිමිකාරත්වයෙන් මැවීමෙන් හා ප්රමාණ කිරීමෙන් අහස්හි ඇති දෑ ඔහුට පමණක් සතුය. මහපොළොවේ ඇති දෑ ද ඔහුට පමණක් සතුය. ඔහුගේ මැවීම් අතරින් අහස්හි ඇති සියලු දෑ ද මහපොළොවේ ඇති සියලු දෑ ද ඔහුගේ නියෝගයට යටන් වන්නන් ලෙසින් ඔහුට අවනත වූවෝ වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න