සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:27
وَهُوَ الَّذِي يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ الْمَثَلُ الْأَعْلَىٰ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
මැවීම ප්රථමෝත්පාදනය කර පසු ව එය ප්රතිඋත්පාදනය කරනුයේ ඔහුය. එය ඔහුට සරල කාර්යයකි. තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්වබලධාරීය. මහා ප්රඥාවන්තය.
තෆ්සීර්
කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මැවීම් උත්පාදනය කරන්නා සුවිශුද්ධ අල්ලාහ්ය. එය විනාශ වූ පසු ඔහු එය යළි ගෙන එයි. (ප්රථම වරට) උත්පාදනය කිරීමට වඩා යමක් නැවත ගෙන ඒම වඩාත් පහසුය. ඒ දෙකම ඔහුට පහසුය. ඊට හේතුව ඔහු යමකට ‘කුන්’ - වනු - යැයි පැවසූ වහාම එය සිදුවන බැවිනි. කීර්තිමත් හා පූර්ණවත් ගුණාංග අතරින් ඔහු කවර ගුණාංගයකින් වර්ණනා කරනු ලබන්නේ ද ඒ සියලු ගුණාංගවලට වඩා ඉහළ ගුණාංග ඔහු සතුය. ඔහු කිසිවකු පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න